පොදු ස්ථානවල මුව ආවරණ නොපැළද සිටි වවුනියාවේ  39ක් අත්අඩංගුවට

පොදු ස්ථානවල මුව ආවරණ නොපැළද සිටි වවුනියාවේ 39ක් අත්අඩංගුවට

මුව ආවරණ නොපැළද වවුනියාවේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 39 දෙනෙකු වවුනියාව පොලීසිය විසින් ඊයේ (27) දින ස්ථාන කීපයකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාවේ ස්ථාන ගණනාවක පොලීසිය විසින් දියත් කළ මෙහෙයුම්වලදී මේ පිරිසෙන් විශාල ප්‍රමාණයක් සිය මුව ආවරණය නිසි ලෙස නොපැළද සිට තිබෙනවා.

ඔවුන් සියලුම දෙනාගේ තොරතුරු සටහන් කරගෙන ඔවුන් නිදහස් කොට ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි කාලයේදී නඩු පැවරීමට නියමිතයි

Share This