2024 අයවැය නොවැම්බර් මස 13 වනදා

2024 අයවැය නොවැම්බර් මස 13 වනදා

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍යය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 21 වනදා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ලබන නොවැම්බර් මස 22 වනදා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනි දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තුන්වැනි වර ඡන්ද විමසීම ද නොවැම්බර් මස 22 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඊට කථානායකවරයාගේ අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වනදා වන විට නීතියක් බවට පත් කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ නව අයවැය මගින් බව සඳහන්.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම වසරේ දී රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන විදයම රුපියල් බිලියන 185 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ප්‍රකාශ කළේ.

Share This