2022 සිව්වන කාර්තුවේ 12.4% ක ඍණ ආර්ථික වර්ධන වේගයක්

2022 සිව්වන කාර්තුවේ 12.4% ක ඍණ ආර්ථික වර්ධන වේගයක්

2022 වසරේ සිව්වන කාර්තුවේ 12.4% ක ඍණ ආර්ථික වර්ධන වේගයක් ඇස්තමේන්තු කර තිබෙනවා.

එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8% ක ඍණාත්මක වර්ධනයක් ලෙස දැක්වෙන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 වසරේ දී ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 13,037,934 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී රුපියල් මිලියන 12,017,849 ක් ලෙස පහත වැටී තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම් 2022 වර්ෂයේ දී පිළිවෙලින් 4.6%, 6% සහ 2% ලෙස පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This