IPL තවත් ක්‍රීඩකයෙක්ට කොවිඩ්

IPL තවත් ක්‍රීඩකයෙක්ට කොවිඩ්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු RCB කණ්ඩායම සමග අප්‍රේල් 03 වනදා එක්වී තිබුනා. එහිදී ලබාගත් PCR වාර්තාව අනුව ඔහු ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ අතර නමුත් කණ්ඩායම රැඳී සිටින හෝටලයේදී සිදුකළ දෙවැනි PCR පරීක්ෂණය අනුව ඔහු ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, 2021 IPL තරඟාවලියට එක්වීමට නියමිත දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා.

 

 

Share This