මාස 4කට පසු ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

මාස 4කට පසු ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

මාස හතරකට පසු දෛනිකව ඉන්දියාවෙන් හඳුනා ගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (18) පෙරවරු 8න් අවසන් වූ පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ආසාදිතයින් 841 වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම කේරළ, මහාරාෂ්ට්‍ර, කර්නාටක සහ ගුජරාට් ප්‍රාන්තවලින් වැඩි වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය දත්ත වාර්තාවල දැක්වෙන්නේ

මේ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 4.46ක් වනවා.

මීට අමතරව ගතවූ පැය 24 තුළ ජාර්කන්ඩ් (Jharkhand) සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල එක් මරණයක් බැගින් වාර්තා වූ අතර, කේරළය විසින් මරණ දෙකක් සිදුව ඇති බවට ද තහවුරු කර තිබෙනවා

Share This