හම්බෙගමුවදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

හම්බෙගමුවදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරුවන් වයස අවුරුදු 25 සහ 27 යන යන වයස්වල පසුවන අය බවයි හම්බෙගමුව පොලීසිය සඳහන් කර සිටියේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This