ලබන වසරේ සිට දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩිකර ගත හැකියි -ඇමති රමේෂ් පතිරණ-

ලබන වසරේ සිට දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩිකර ගත හැකියි -ඇමති රමේෂ් පතිරණ-

ලබන වසරේ සිට දේශීය ඖෂධ නිෂ්පාදනය 90% දක්වා වැඩිකර ගත හැකි බවට තමා විශ්වාස කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මහාචාර්ය සේනක බිබිලේ මහතා ආරම්භ කළ දේශීය ඖෂධ නිෂ්පාදනය මේ වනවිට විශාල වර්ධනයක් ලබා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ 61 වන සංවත්සර වැඩසටහනට එක් වෙමින්.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරමින් සහ දේශීය වෙළෙදපොලින් 25% ක් ආවරණය කරන බවත් එය විශාල ජයග්‍රහණයක් බවත්, වසරින් වසර ඉදිරියට යමින් ඖෂධ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ විශ්වාසය තහවුරු කිරීම සහ දිරිමත් කිරිම සදහා දේශීය නිෂ්පාදකයින්ගෙන් එම නිෂ්පාදන නැවත රජයටම මිලදි ගැනීමේ ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This