පාසල් දරුවන් ඉලක්ක කර මත්ගුලි අලෙවි කළ වෙළෙඳසැලක් කොටු

පාසල් දරුවන් ඉලක්ක කර මත්ගුලි අලෙවි කළ වෙළෙඳසැලක් කොටු

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොණරාගල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ගුලි අලෙවි කළ වෙළෙඳසැලක් වටලා තිබෙනවා.

එහිදී මත්ගුලි අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

ඖෂධ නිෂ්පාදන අලෙවි සැලක් මුවාවෙන් මෙම වෙළෙඳසැල පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ තිබී අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු මත්ගුලි තොගයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මැද මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (10) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

Share This