
නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට අමෙරිකාවේ සහය
නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට අමෙරිකාවේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසනවා.
ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රයන්හි නවීකරණය මෙන්ම නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩිජිටල්කරණය කිරීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝගයන් වන දත්තවල ආරක්ෂිතභාවය රැකගැනීම සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි තානාපතිනිය පෙන්වා දෙන්නේ.
ඊයේ(27) වරාය හා ගුවන් සේවා අමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේදී තානාපතිවරිය මේ බව කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළද තානාපතිවරිය පැසසුමට ලක්කළ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.