ජනපතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර් – කටවුට් පොලීසියෙන් ගලවයි (VIDEO)

ජනපතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර් – කටවුට් පොලීසියෙන් ගලවයි (VIDEO)

ජනපතිවරණයට අදාළව නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ කටවුට් 169,358ක් පොලිසියෙන් ගලවා තිබෙනවා

එමෙන්ම පැමිණිලි 74කට අදාළව සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 02ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්

මේ අතර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා 54,000ක පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසුවේ

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන 602ක පොලිස් කොට්ඨාස 45ක සහ පොලිස් මූලස්ථානයේ වෙනම ඒකක පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ

Share This