ගව සොරකමකට සම්බන්ධ දෙදෙනෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

ගව සොරකමකට සම්බන්ධ දෙදෙනෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හතක් වටිනා මීගවයින් දෙදෙනෙකු සොරකම් කිරීමක් සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිංහවැව ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අගෝස්තු මස 25 වැනිදා මීගවයෙකුට වෙඩි තැබීමක් සිදු කිරීමට යොදා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 27 යන වයස්වල පසුවන ඊච්චලම්පත්තුව හා කතිරවේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ

Share This