හද්දාව රක්ෂිතය ගිනි ගනියි

හද්දාව රක්ෂිතය ගිනි ගනියි

සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් කිවුලේයාය හද්දාව රක්ෂිතය තුළ ගින්නක් හටගෙන තිබෙන බව මොණරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා පවසනවා.

එම කඳුවැටිය පාමුල බඩඉරිඟු එක්රැස් කිරීමේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන අතර රක්ෂිතයේ ඇති වූ ගින්න එම ප්‍රදේශයට පැතිරයාමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වන්නේ.

Share This