සුවසැරියට ගත් ගිලන් රථ 25ක් වසරකට වැඩි කාලයක් භාවිතා නොකර රථගාල්වල

සුවසැරියට ගත් ගිලන් රථ 25ක් වසරකට වැඩි කාලයක් භාවිතා නොකර රථගාල්වල

ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින්, මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගත් ගිලන් රථ 25ක් වසරකට වඩා වැඩි කාලයක් පුරාවට භාවිතයට නොගෙන රථ ගාල්වල නවතා දමා ඇති බව වාර්තා වනවා.

2021 වසරේ දී ඒවා කල්බදු ක්‍රමය යටතේ ලබා ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

ඒවා මිලදී ගැනීමට පෙර ඊට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවට සුවසැරියට සම්බන්ධ කිසිවෙකුත් පත් කර නොමැති බව ද සඳහන්.

ඒ අනුව අදාළ ගිලන් රථ, රෝහල් සත්කාරක ගිලන් රථ ලෙස පරිවර්තනය කිරීමට සහ ඊට අවශ්‍ය රෝහල් උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය වියදම් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

Share This