සිය ධුරයේ රාජකාරී ඇරඹු පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම්
පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ඒ, පසුගියදා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ සිය නිල ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුවයි.
අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කළේ චමින්ද කුමාර කුලරත්න මහතා 2023 සැප්තැම්බර් 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස පත් කර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුලු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් වසර 20ක පමණ කාලයක් පුරා හොබවා තිබෙනවා.
ඒ මහතා ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳව ද, රාජ්‍ය පරිපාලනය හා මුදල් රෙගුලාසි පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුද වන බව සඳහන්.