සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණියා.

ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන් වී තිබෙනවා.

ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භවීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති අතර, ඉන් මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී පොලිසියට අනාවරණය වී තිබෙනවා.

අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This