ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි තැබීමක් – සැත්කමකින් පසු ඔහු සුවෙන් (VIDEO)

ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි තැබීමක් – සැත්කමකින් පසු ඔහු සුවෙන් (VIDEO)

ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ හට ඊයේ(15) රාත්‍රියේ කිසියම් අයෙක් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ඇතැම් බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම වෙඩි තැබීම දේශපාලන පළිගැනීමක් බවට සැක කරන බවයි.

අග්‍රාමාත්‍ය ෆිකෝ හට පස් වතාවක් පමණ වෙඩි වැදී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඔහුට සිදුකළ සැත්කමෙන් අනතුරුව ඔහුගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බවයි ස්ලෝවැකියාවේ නියෝජ්‍ය අගමැති පවසන්නේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Matus Sutaj Estoka එය විස්තර කළේ දේශපාලන පළිගැනීමේ උත්සාහයක් බවයි.

ඒ අනුව සැකකරු 71 හැවිරිදි ලේඛකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවට හඳුනාගෙන විදෙස් වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This