ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා දුම්රිය ගමන් රැසක් අඩාලයි (VEDIO)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය රැසක් අවලංගු කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරනවා.
කෙසේවෙතත් වර්ජනය කරන සියලු ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සලකන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන බෙලිඅත්ත සිට ගාල්ල හරහා ධාවනය වන කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය නොවූ අතර ගාල්ල දුම්රිය ස්ථානයෙන් ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බව සඳහන්.
මෙම වර්ජනය සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමයද සහයෝගය දක්වන බවයි වාර්තා වන්නේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වී තිබෙන අයුරු පෙන්වාදිය හැකියි.