සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර ගෙන ගිය අයෙක් අත්අඩංගුවට (VIDEO)

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර ගෙන ගිය අයෙක් අත්අඩංගුවට (VIDEO)

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මඩ ප්‍රචාර ගෙන ගිය පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

එම පුද්ගලයා සතුව රුපියල් කෝටි 100ක පමණ මුදලක් තිබී සොයාගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

සැකකරු දේශපාලනඥයකුගේ සහාය ඇතිව ද්වේශසහගතව මඩ ප්‍රචාර ගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

මෙවැනි ආකාරයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යාමේ සිදුවීම් වළක්වාලීම සඳහා රජය අන්තර්ජාල ආරක්ෂණ පනත ගෙන ආ අතර සමාජ මාධ්‍ය අවභාවිත කරන්නන්ට පමණක් එම පනත ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

 

Share This