සංචරණ සීමා ඉවත්කිරීමට පී. සී. ආර් බලපාන හැටි – සෞඛ්‍ය ප්‍රධානියාගේ අනාවරණය

සංචරණ සීමා ඉවත්කිරීමට පී. සී. ආර් බලපාන හැටි – සෞඛ්‍ය ප්‍රධානියාගේ අනාවරණය

දැනට රටපුරා කි‍්‍රයාත්මක සංචරණ සීමා ඉවත් කිරීම පිළිබදව තීරණය කිරීමට හැකිවන්නේ මෙම සතිය තුළ හඳුනාගනු ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා

එසේම රට තුළ කි‍්‍රයාත්මක පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමේ කි‍්‍රයාවලියේ වෙනසක් ඇති කිරීමට තීරණය කළ බවද ඔහු පවසනවා

ඒ අනුව ඉදිරියේදී නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් අනතුරුව නිවෙස් වෙත යැවීමට කටයුතු කරන බවත් එමගින් අවදානම් සහිත පුද්ගලයන් පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනට රට තුළ කි‍්‍රයාත්මක සංචරණ සීමාවන්ගේ ප‍්‍රතිඵල තවත් සතියකින් දෙකකින් පමණ දැන ගැනීමට හැකිවන බවද වැඩිදුරටත් පවසා සිටිනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

 

Share This