

ශ්‍රී ලාංකික සරණාගත පවුලක් ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට
ශ්‍රී ලාංකික සරණාගත පවුලක් ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව 46 හැවිරිදි පියා, 45 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 18 හැවිරිදි වියේ පසුවන ඔවුන්ගේ දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
යාපනය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී කාලයේ දී ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.
මෙම මාසය ආරම්භයේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 10 දෙනෙකු පමණ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.