
වීසා නොමැතිව කුවෙට් හි සිටි ශ්‍රී ලාංකිකයින් 31ක් යළි මෙරටට
වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවෙට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු ආපසු මෙරටට එවා තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සකස් කරන ලද තාවකාලික ගුවන් බලපත්‍ර යටතේ අදාළ පිරිස අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවට පැමිණි මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ප්‍රකාශ කළේ.
මෙවැනි ආකාරයෙන් වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවෙට් හි රැඳී සිටින පුද්ගලයන් 2000ක් පමණ නැවත ශ්‍රී ලංකාවට එවීමට කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.
ඔවුන්ද ඉදිරියේදී කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි.