විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ තොරතුරු විමසූ ජනපති

විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ තොරතුරු විමසූ ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) පෙරවරුවේ එක් වී තිබෙනවා.

“අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිටි සිසු දරුවන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි සිටි ගුරුවරුන් සමඟ ද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳව ද විමසා බැලීමට කටයුතු කර තිබෙනවා.

එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව සොයා බලන බවට සිසු දරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පිරිනමා ඇති බව සඳහන්.

Share This