විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

මෙම වසරේ ගත වූ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා

ඒ අනුව විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්

පසුගිය වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් එවා ඇති අතර, ඒ අනුව 2023 වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් පෙර වර්ෂය හා සැසඳීමේදී 74.4%න් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ

මේ වසරේ අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රමිකයින් දිවයිනට එවූ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට එවා තිබෙනවා

ඒ අනුව එම මාස 2 සැසදීමේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් 53.4% කින් ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා

Share This