වැලිවිට සුද්දා අල්ලයි

වැලිවිට සුද්දා අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නමැත්තා කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලබේ වැලිවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වැලිවිට සුද්දා නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබූ බව සඳහන්.

ඒ අතරතුර කඩුවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සැකකරු විසින් නීතිවිරෝධීව උපයාගත් දේ‌පොළ බවට සැකකෙරෙන බස්රථ 05ක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම දේපොළ සැකකරු විසින් ඔහුගේ ඥාති සහෝදරියකගේ නමින් ලබාගෙන ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්.

Share This