”වැල්ලේ සාරංගගේ” මස්සිනා ඝාතනයේ සැකකරු STF වෙඩි පහරින් මරුට

”වැල්ලේ සාරංගගේ” මස්සිනා ඝාතනයේ සැකකරු STF වෙඩි පහරින් මරුට

සූරියවැව ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙකුවන රාගම ප්‍රදේශයේ “වැල්ලේ සාරංගගේ” මස්සිනා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරු වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොලිසිය පැවසුවේ, සැකකරු ආඩිගම වැව අසල පාළු නිවසක සැඟව සිටින බවට ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබුණු බවයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගැනීමට එහි ගොස් ඇති අතර එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගිය බවයි සඳහන් වන්නේ.

Share This