වාර්තා වූ අනතුරු

වාර්තා වූ අනතුරු

කොළඹ සිට මාතර බලා ගමන්ගත් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

එමෙන්ම කැස්බෑව දෙස සිට ජාලියගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදිකරු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා

මහඔය සහ ගම්පොළ ප්‍රදේශවල ඊයේ (25) සිදුවූ අනතුරුවලින් තවත් දෙදෙනෙක් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් වාර්තා කර තිබෙන්නේ

මේ අතර ඊයේ (25) දිනයේ වන අලි පහරදීමකින් තලාව ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකුද මිය ගොස් තිබෙනවා

 

Share This