
ලෝකයෙන්ම එක වූ වනිදු
ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු සටහනට අනුව ලකුණු 695ක් ලබා ගනිමින්.
දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන්ට වන අතර තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්.
ඔවුන් පිළිවෙලින් ප්‍රසාද ලකුණු 694ක් සහ 692ක් ලබාගෙන තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා ක්‍රීඩක මහිෂ් තීක්ෂණ 11වන ස්ථානයේ රැඳී සිටින අතර ඔහුට හිවි වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 643ක්.
මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද වනිදු හසරංග 4වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහු එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටීමද විශේෂත්වයක්.
ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිමුත් කරුණාරත්න 09වන ස්ථානයේ රැඳී සිටිනවා.