ලොව විශාලතම ගුවන් තොටුපොළේ ඉදිකිරීම් අරඹයි (VIDEO)

ලොව විශාලතම ගුවන් තොටුපොළේ ඉදිකිරීම් අරඹයි (VIDEO)

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ඩුබායිහි ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ කටයුුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගුවන්තොටුපොළ අල් මක්ටූම් (Al Maktoum) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති එච්. එච්. ෂීක්. මොහොමඩ් X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ඩිරාම් බිලියන 128ක වියදමින් ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවයි.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු එම ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව පවතිනවා.

මෙම නව ගුවන්තොටුපොළ ඩුබායිහී දැනට පවතින ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වඩා පස් ගුණයකින් විශාල බව සඳහන්.

ගුවන්තොටුපොළ ඉදිකිරීමේ පළමු අදියර වසර 10ක් ඇතුළත අවසන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This