ලබන වසරේ තරග ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි

ලබන වසරේ තරග ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි

2024 වසර සදහා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව ලබන වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලු තරග රටාවලින් යුත් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ සංචාරයක නිරත වීමට නියමිතව ද නියමිතව ඇත්තේ පෙබරවාරි සහ මාර්තු මාසවල දීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලිකව තහනමකට ලක්ව ඇති පසුබිමකයි ඉදිරි තරග සම්බන්ධයෙන් මෙලෙස නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

 

Share This