ලංකාවට විතරක් ලොකු ලූනු -ඉන්දියාවෙන් තීරණයක්

ලංකාවට විතරක් ලොකු ලූනු -ඉන්දියාවෙන් තීරණයක්

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර හිමි වනු ඇති.

අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමිනුයි ඉන්දියාව විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ.

Share This