රුසියාවට ෆින්ලන්තයේ සියලු දොරවල් වැසෙයි

රුසියාවට ෆින්ලන්තයේ සියලු දොරවල් වැසෙයි

ෆින්ලන්තය හෙට(30) රුසියානු දේශසීමාවේ අවසන් මෙහෙයුම් මුරපොල වසා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම Nato සංවිධානයට අයත් ෆින්ලන්තය නැගෙනහිර දේශසීමාවද සති දෙකකට සම්පූර්ණයෙන්ම වසා දමන බවයි සඳහන් වන්නේ.

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රුසියාව විසින් මිනිසුන් පොළඹවමින් කටුක ශීත තත්ත්වයන් යටතේ ෆින්ලන්ත දේශ සීමාවට සංක්‍රමණිකයන් යොමු කරන අතර ෆින්ලන්තය මෙම සංසිද්ධිය අවසන් කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව අවසාන මුරපොල නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ වසා දමන අතර නැගෙනහිර දේශසීමාව දෙසැම්බර් 13 දක්වා වසා තබන බවයි ෆින්ලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

Share This