![රැඳවියෙකු දියේ ගිලී අතුරුදන් රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්](https://liveat8.lk/wp-content/uploads/2023/03/download-6.jpeg)
රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්
පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
එම රැඳවියා අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලායන අවස්ථාවේ දී මෙලෙස දියේ ගිලේ අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වෙමින් සිට ඇති ඔහු 34 හැවිරිදි කොළඹ 15 ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ රැඳවියා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.