
වලයාකාර පත්‍ර පුල්ලි රෝගය පැතිරීමෙන් රබර් වගාව අනතුරක
රබර් වගාව සඳහා බලපා ඇති වලයාකාර පත්‍ර පුල්ලි රෝග ව්‍යසන තත්ත්වය වළක්වා ගැනීමට වගාකරුවන් එක් විය යුතු බව රබර් පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාධි ක්ෂුද්‍ර ජිවි විද්‍යාඥ, අංශ ප්‍රධානී සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
ඒ අනුව රබර් වගාව හොදින් නඩත්තු කිරිමත්, රබර් ගස පීඩනයට ලක් නොකර නිර්දේශ අනුව කිරි කපා, නඩත්තු කිරීමත් මගින් මෙම රෝගය පාලනය කර ගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ගසෙන් වැටෙන පත්‍ර එකතු කර පුළුස්සා ගැනීම තුළින් ද රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකියාව පවතිනවා.
2019 වර්ෂයේ දි මෙරටින් හඳුනා ගැනුණු මෙම රෝගයල මේ වන විට මැලේෂියාව, බුරුමය, කාම්බෝජය, වියම්නාමය යනාදි රටවල පැතිර යමින් පවතිනවා.