
රදැල්ල කෙටි මාර්ගයේ දී බස් රථයක් පෙරළෙයි -තුවාල ලැබූ පිරිසක් රෝහලට
නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටින අවස්ථාවේ දී බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.