රජය ගෙන යන වැඩපිළිවෙල ඉහළින් අගය කරනවා – ලෝක බැංකු සභාපති, ජනපති රනිල්ට කියයි

රජය ගෙන යන වැඩපිළිවෙල ඉහළින් අගය කරනවා – ලෝක බැංකු සභාපති, ජනපති රනිල්ට කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා විසින් ඉහළින් අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එසේම ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව ද ඔහු සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.

 

Share This