fbpx
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එන අයට නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එන අයට නිවේදනයක්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 යන දිනවලදී සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් කර තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පෙර දිනයේ එහි සාමාන්‍ය රාජකාරී කටයුතු සිදු නොකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා සඳහන් කරනවා.

Share This