මේක බුද්ධිගලනයක් නොවේ – GMOA දැන් කියන කතාව

මේක බුද්ධිගලනයක් නොවේ – GMOA දැන් කියන කතාව

වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීයි.

එසේම පසුගිය වසර එක හමාරක කාලය තුළ වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ඒ හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඊට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

පවතින ගැටලුව මේ වනවිට අර්බුදයක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Share This