මෙරට සිනමාව නෙට්ෆ්ලික්ස් දාන්න ක්‍රමවේදයක් හදන්න – මන්ත්‍රීවරු ඉල්ලයි

මෙරට සිනමාව නෙට්ෆ්ලික්ස් දාන්න ක්‍රමවේදයක් හදන්න – මන්ත්‍රීවරු ඉල්ලයි

දේශීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලීමේ ලිපියක් මන්ත්‍රීවරු පිරිසක් විසින් අද (23) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා.

සාම්ප්‍රදායික චිත්‍රපට වෙනුවට ඩිජිටල්කරණය ලබා ඇති ප්‍රගතිය අනුව දේශිය චිත්‍රපට නිෂ්පාදනය සහ පසු නිෂ්පාදනය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවකගේ අත්සනින් යුතුව බාර දී ඇති මෙම ලිපියේ අන්තර්ගත වී ඇත්තේ.

පාසල් අධ්‍යාපනයෙන් පසු සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් හා දක්ෂතාවයක් දක්වන තරුණ පරපුරට පූර්ණ කාලීන රාජ්‍ය අනුග්‍රහය ඇති සිනමා පාසලක් බිහිකිරීම රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බවද ලිපියේ තවදුරටත් දැක්වෙනවා.

එසේම ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරීම, සිනමා ශාලාවට අමතරව වෙනත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ NETFLIX,PRIME VIDEO,ඇතුළු අනෙකුත් OTT PLATFORMS වල ප්‍රදර්ශනය සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන්, එම සමාගම් සමග පූර්ව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව ද කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ කාරක සභාව හරහා හැකියාව ලබා දෙන ලෙසද ඉල්ලා තිබෙනවා.

Share This