‍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

‍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

‍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ආර්ථික මධ්‍යස්ථානය වෙත කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසැලක් කොල්ලකා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකරුවන් වෙළෙඳසැලේ උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා ඇති අතර යට ලාච්චුවේ තිබූ මුදල් ලබාගැනීමට මුදල් අයකැමි ලෙස සිටි තරුණියගෙන් යතුර ඉල්ලා ඇති බව සඳහන්.

එහිදී යතුර ලබා නොදීම හේතුවෙන් අදාළ තරුණියට වෙඩි තබා තිබෙනවා.

අනතුරුව ඇය හෝමාගම රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Share This