මීගමුවේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව විරෝධතාවක

මීගමුවේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව විරෝධතාවක

මීගමුවේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව අද (25) පෙරවරුවේ ලෙල්ලමේ බලය හෙඹවූ ධීවරයන්ට එරෙහිව විරෝධතාවක නිරත වුණා.

අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික සභාවට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අපහාස කළ බවයි ඔවුන් කියා සිටියේ.

ඒ අනුව ඔවුන් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාද කරමින් එම විරෝධතාව පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

ලෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝග කළා.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහි ව අගරදගුරු හිමිපාණන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා ‍‍විරෝධතාවක් පැවැත්වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කතෝලික සභාව කියා සිටියේ, ලෙල්ලමෙන් සුළු පිරිසක් ලබන වාසිය බහුතර ධීවර ප්‍රජාවට ලබාදීමේ අරමුණින් අගරදගුරු හිමිපාණන් නීතිමය ක්‍රියා මාර්ග වෙත යොමු වූ බවයි.

Share This