මහජනතාවත් රවටා පොලීසිය POLISH කළ අයට වූ දේ

මහජනතාවත් රවටා පොලීසිය POLISH කළ අයට වූ දේ

POLISH,RABUKKANA ලෙස සඳහන් කර ජනතාව මුලා කරමින් ජීප් රථයක් ධාවනය කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා පසුගිය අප්‍රේල් 10 වන දින රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාරියපොල දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

කෙසේ වෙතත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකර ඇප මත මුදා හැර තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර සිදුවු එම සිදුවීමට අයත් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණා.

ශ්‍රී ලංකා පොලීසියට නිකුත් කර ඇති ටාටා සුමෝ වර්ගයේ නිල් පැහැති ජිප් රථයක දකුණු පස POLISH,RABUKKANA යනුවෙන් සඳහන් කර ජනතාව මුලා කරමින් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය වෙත පළ කර තිබූ බවත් පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

Share This