මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමි නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල ලබා දීම, රැකවරණය දීම හා සත්‍ය තොරතුරු වසන් කළ සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඇය 22 හැවිරිදි වියේ පසුවන වේරගල, දේවගල ප්‍රදේශයේ පදිංචිකාරික් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This