මන්ත්‍රී උද්දිකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ CID යට
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිදුවන විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා
ඊයේ (17) රාත්‍රියේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි නිවසට උද්දික ප්‍රේමරත්න මහතා පැමිණෙමින් සිටිය දී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදු කර පළා ගොස් තිබුණා
වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට තුවාල සිදු නොවූ අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි