
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට ඒඩ්ස්
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 41 හැවිරිදි පුද්ගලයෙකුට එච්.අවි.වී ආසාදිතව තිබෙන බව අනාවරණය වී තිබෙනවා.
මාස කිහිපයකට පෙර කෑගල්ල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේ තමන් එච්.අයි.වී ආසාදිතයෙකු බවට හඳුනාගත් බව සැකකරු පැවසීමෙන් පසු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්, කෑගල්ල පොලීසිය අමතා අදාළ කරුණ සනාථ කරගෙන ඇති බව සඳහන්.
මහනුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අතර ඒවා භාවිතයට ද හුරුවී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරු බන්ධනාගාර රෝහලට යොමුකර ප්‍රතිකාර ලබාදෙන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.