මත්තල ගුවන් තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙනවා – වරාය නාවික හා ගුවන් සේවා ඇමති

මත්තල ගුවන් තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙනවා – වරාය නාවික හා ගුවන් සේවා ඇමති

මත්තල ගුවන් තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙන බව , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා .

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ .

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විටත් මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානා එකලස් කිරීම, ගුවන් යානා අලුත් වැඩියා කිරීම වැනි කාර්යයන් සඳහා පෞද්ගලික අංශ වලින් අභිලාෂ කැඳවා තිබෙන බවයි.

එමෙන්ම මේ වන විට ඒ සඳහා පෞද්ගලික අංශ වලින් අභිලාෂ හයක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා පවසා සිටියා .

ඉදිරි සති දෙක තුන තුළදී මේ පිළිබඳව ස්ථිර තීන්දුවක් ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ

එසේ වුවහොත් වසර 3,4කදී මෙම වියදම් කළ මුදලට සමාන ආදායමක් නැවත උපයා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර දකුණු පළාතේ දියුණුව සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා මත්තල ගුවන් තොටුපළ බොහෝ ප්‍රයෝජනවත් බව ද පවසා සිටියා

මත්තල ගුවන් තොටුපළ නිසා සිදු වූ අලාභය රුපියල් බිලියන 2ක් පමණ වන අතර මේ වන විට එම පාඩුව රුපියල් බිලියන 1.2 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ

Share This