බුත්තලින් හමු වූ නාඳුනන මළ සිරුර

බුත්තලින් හමු වූ නාඳුනන මළ සිරුර

බුත්තල පොලිස් වසමෙන් නාඳුනන පිරිමි පුද්ගලයෙක්ගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (27) බුත්තල පෙරහර මාවත ප්‍රදේශයේ ඇළ මාර්ගයක ඉවුර මත නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කල බවයි බුත්තල පොලිසිය සඳහන් කරන්නේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ත් 75ත් අතර උස අඩි 05යි අඟල් 11ක් පමණ වන කොණ්ඩය කොටට කැපු හිස මුදුන තට්ටය පෑදී ඇති තලෙළු සිහින් සිරුරක් ඇති පුද්ගලයෙක්.

එමෙන්ම ඔහු අවසන් වරට යටි කයට සුදු පැහැති සරමක් හැඳ සිට ඇති බව වැඩිදුරටත් සඳහන්.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි සඳහන් වන්නේ.

Share This