බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් යුක්‍රේනයේ හදිසි සංචාරයක

බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් යුක්‍රේනයේ හදිසි සංචාරයක

බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් Grant Shapps යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරතව තිබෙනවා

එම සංචාරයේදී යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky හමුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන ජනපති සහ බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම්වරයා හමුවූ දිනයක් පිළිබඳවද නිශ්චිතව සඳහන් කර නැහැ

කෙසේවෙතත් යුක්‍රේන ජනපතිවරයා සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම්වරයා සමග අර්ථවත් රැස්වීමක් පැවැත්වූ බවයි

දෙරට අතර සහයෝගීතාවය මෙන්ම යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ද ඔවුන් දෙදෙනා සාකච්ඡා කළ බවද වැඩිදුරටත් සඳහන් වනවා

 

Share This