බඹර ප්‍රහාරයක් නිසා සිසුන් 35ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් නිසා සිසුන් 35ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසුන් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

කිලිනොච්චිය ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදුවෙමින් පවතින අතරතුරයි මෙම බඹර ප්‍රහාරය සිදුව ඇත්තේ.

මෙහිදී සිසුන් 35 දෙනෙකු බඹර ප්‍රහාරයෙන් ප්‍රතිකාර සඳහා ධර්මපුරම් රෝහලට ඇතුළත් කර ඇති අතර තවමත් සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ප්‍රතිකාර ලබන අය අතර ගුරුවරුන් සිව් දෙනෙකුද සිටින බව සඳහන්.

පසුව ආපදා කළමණාකරණ ඒකකය, වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එම ස්ථානයට ගොස් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි අද සවස බඹර කූඩුව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරන්නේ.

Share This