බටහිර කැමරූන් හි පිපිරීමකින් අයෙක් මරුට – 40කට තුවාල

බටහිර කැමරූන් හි පිපිරීමකින් අයෙක් මරුට – 40කට තුවාල

බටහිර කැමරූන් හි වයඹ කලාපයේ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් එක් සිසුවෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Nkambe නගරයේ දී රටේ තරුණ දිනය සැමරීම සඳහා සිසුන් පෙළපාලි යමින් සිටියදී මෙම සිදුවීම සිදුවූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාධ්‍ය වෙත පැවසුවේ සිද්ධියේදී එක් සිසුවෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි.

බෙදුම්වාදී සටන්කාමීන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක කරන බව ආණ්ඩුකාර Adolphe Lele L’Afrique වැඩිදුරටත් සඳහන් කරනවා

 

Share This