
බංග්ලාදේශයේ විශාලතම විදුලි බලාගාරය වැසෙයි
ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එලෙස වසා දැමීමට කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත් ගල් අඟුරු නෞකා පැමිණිමෙන් අනතුරුව සති තුනක් වැනි කාලයක් ඇතුළත යළිත් විදුලි නිෂ්පාදනය කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.